නව ජනපති පළමු හමුදා ප්‍රහාරය එල්ල කරයි

0
494

නැගෙනහිර සිරියාවේ පිහිටි ඉරානයේ සහාය ලබන සටන්කාමීන්ගේ කදවුරු කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ලකළ බව අමෙරිකාව පවසයි. අමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය යටතේ එල්ල කළ පළමු යුද ප්‍රහාරය මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ගුවන් ප්‍රහාරවලින් ඉරානයේ සහාය ලබන සටන්කාමීන් 17 දෙනෙකු මරණයට පත්වූ බවද අමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව වන පෙන්ටගනය නිවේදනය කර ඇත. මේ මස මුලදී ඉරාකයේ සිටින අමෙරිකානු හමුදා ඉලක්ක කර ගනිමින් එල්ල වූ රොකට් ප්‍රහාර මාලාවට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බවද පෙන්ටගනය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here