Friday, September 20, 2024

නව දුම්රිය මැදිරි ලංකාවට එයි…

නව දුම්රිය මැදිරි 165 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට පියවර ගෙන තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, එම දුම්රිය මැදිරි දෙස් විදෙස් සංචාරකයින්ගේ ගමනාගමන පහසුකම් සඳහා යෙදවීමට අපේක්ෂා කරන බවයි.

දිවයිනට රැගෙන ආ එම දුම්රිය තොගයෙන් මැදිරි 30 ක් මේ වන විට රත්මලාන දුම්රිය අංගනයේ පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

තවත් දුම්රිය මැදිරි 30 ක් කොළඹ වරායට රැගෙන විත් ඇති බව ද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේ ය.

ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ එම දුම්රිය මැදිරි මෙරටට ආනයනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසී ය.

ඒලෙසම

ඉන්දියාවේ නිෂ්පාදිත කුරහන් පැහැති දුම්රිය මැදිරි 30 ක් කොළඹ වරායෙන් මෙරටට රැගෙන පැමිණ තිබෙනවා.මෙම කුරහන් පැහැගත් දුම්රිය මැදිරි ඉන්දියාවේ චෙන්නායි නගරයේ පිහිටි I.C.F (INTEGRAL COACH FACTORY) නිෂ්පාදනාගාරයේ නිෂ්පාදිත මැදිරි වනවා.

මෙරටට ගෙන එනු ලැබූ මැදිරි තිහේ වටිනාකම ඇමරිකානු ඩොලර් ලක්ෂ 147ක්.ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ආනයනය කිරීමට නියමිතව තිබූ මැදිරි එකසිය හැටෙන් 10 ක් පසුගිය මාර්තු මස මෙරටට රැගෙන ආ අතර මේ වනවිට ලැබී ඇති මුළු මැදිරි ගණන 40 ක්.ඇණවුම් කොට ඇති මැදිරි 160 යටතේ තවත් මැදිරි එකසිය විස්සක් ලැබීමට නියමිතයි.

ගෙන්වු මැදිරි කට්ටල අතර 3වන පංතියේ මැදිරි දහතුනක්, 2වන පංතියේ මැදිරි අටක්, 3වන පංතියේ තිරිංග මැදිරි හතරක්, 2වන පංතියේ තිරිංග මැදිරි එකක්,1වන පංතියේ වායුසමන මැදිරි තුනක්,තැපැල් තිරිංග මැදිරි 1 තිබෙනවා.එම මැදිරි දිගින් මීටර් විස්සක් පමණ වන අතර මේවා මීට පෙර මෙරටට ගෙන්වන ලද එම් එකොළහා (M11) දුම්රිය එන්ජින් සඳහා සැකසු මැදිරි වනවා.

එම මැදිරි පහත රට ප්‍රධාන මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ ධාවනය කිරීමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles