නව නාවික හමුදාපති සිරිමෙවන් රණසිංහ

0
770

නාවික හමුදා මාණ්‌ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා නාවික හමුදාවේ 22 වන නාවික හමුදාපතිවරයා ලෙස සේනාධිනායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (25 දා) පත්කරනු ලැබීය.

ව්‍යවස්‌ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම නව පත්කිරීම සිදුකර ඇති අතර එම පත්කිරීම අද (26 වැනිදා) සිට බලාත්මක වේ. මෙම පත්වීමත් සමඟ ජනාධිපතිවරයා විසින් රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ වයිස්‌ අද්මිරාල් නිලයට උසස්‌ කර ඇත.

රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ නව පත්වීමට අදාළ ලිපිය ඊයේ (25 දා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා අතින් භාරගනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here