නව පොලිස් ස්ථාන 190ක්

0
392

මෙරට තුළ නව පොලිස් ස්ථාන 190ක් ආරම්භ කිරීමට පියවරගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

දැනට පොලිස් ස්ථාන 494ක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේය.

බියෙන් සැකෙන් තොර සමාජයක් බිහිකිරීම සඳහා නව අදියරක් ලෙස මෙම පොලිස් ස්ථාන ආරම්භ කරන බවද අමාත්‍යවරයා පැවසීය.

මෙම නව පොලිස් ස්ථාන ඉදිකිරීමේ වැඩපිළිවෙල යටතේ අද (04) මරදන්කර්නී සහ අයියන්කන්කුලම යන ප්‍රදේශවල නව පොලිස් ස්ථාන දෙකක් ආරම්භ කළ අතර අයියන්කන්කුලම නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මේ බව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here