Tuesday, September 17, 2024

නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ 17 දෙනෙකු ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාර දෙති

මෙරටට අලුතින් පත්වීම් ලැබූ නව තානාපතිවරුන් 11දෙනෙක් සහ මහ කොමසාරිස්වරුන් 06දෙනෙක් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාර දී තිබෙනවා.

මෙලෙස නව තානාපතිවරුන් පත්වීම් ලැබන ඇත්තේ ඊජිප්තුව, ඉන්දුනීසියාව, ජෝර්දානය, ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියානු ජනරජය, හංගේරියාව, මොරිටේනියාව, ටියුනීසියාව, ආජන්ටිනාව, ඩොමිනිකා ජනරජය, ස්පාඤ්ඤය සහ ස්ලෝවේනියාව සඳහායි.

සියෙරා ලියෝන්, රුවන්ඩාව, බොස්ට්වානාව, මෝල්ටාව, ගයානා ජනරජය සහ නයිජීරියාව සඳහා නව මහ කොමසාරිස්වරුන් පත්ව තිබෙි.

  1. සියෙරා ලියෝන්හි මහ කොමසාරිස් ලෙස අර්නස්ට් මයිම්බා මහතා (Ernest Mbaimba)
  2. ජෝර්දාන තානාපති ලෙස මොහමඩ් අල් – කේඩ් මහතා (Mohamed El- Kayed)
  3. ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියානු ජනරජයේ තානාපති ලෙස චෝයි හුයි චෝල් මහතා (Choe Hui Chol)
  4. රුවන්ඩාවේ මහ කොමසාරිස් ලෙස මුකන්ගිරා ජැකලීන් මිය (Mukangira Jacqueline)
  5. බොස්ට්වානා මහ කොමසාරිස් ලෙස ගිල්බර්ට් ශිමේන් මැන්ගෝල් මහතා (Gilbert Shimane Mangole)
  6. මෝල්ටාවේ මහ කොමසාරිස් ලෙස රූබන් ගව්චි මහතා (Reuben Gauci)
  7. හංගේරියාවේතානාපති ලෙස අන්ද්‍රෙස් ලස්ලෝ කයිරලි මහතා (Andras Laszlo Kiraly)
  8. මොරිටේනියාවේ තානාපති ලෙස මොහමඩ් අහමඩ් රාරා මහතා (Mohamed Ahmed Rara)
  9. ටියුනීසියාවේ තානාපතිනිය ලෙස හයෙට් ටැල්බි බිලෙල් මිය (Hayet Talbi Bilel)
  10. ආජන්ටිනාවේ තානාපති ලෙස හියුගෝ හවියෙර් ගෝබි මහතා(Hugo Javier Gobbi)
  11. ගයානා ජනරජයේ මහ කොමසාරිස් ලෙස චරන්දාස් පර්සාද් මහතා (Charrandass Persad)
  12. ඊජිප්තුවේ තානාපති ලෙස මගෙඩ් මොස්ලේ නෆෙයි මහතා (Maged Mosleh Nafei)
  13. ඩොමිනිකා ජනරජයේ තානාපති ලෙස ඩේව්ඩ් එමැනුවෙල් පග් මහතා (David Emmanuel Puig)
  14. නයිජීරියාවේ මහ කොමසාරිස් ලෙස අහමඩ් සුලේ මහතා (Ahmed Sule)
  15. ඉන්දුනීසියාවේ තානාපතිනිය ලෙස දේවි ගස්ටිනා ටොබින්ග් මිය (Dewi Gustina Tobing)
  16. ස්පාඤ්ඤයේ තානාපති ලෙස හෝසේ මරියා ඩොමින්ගස් මහතා (Jose Maria Dominguez)
  17. ස්ලෝවේනියාවේ තානාපතිනිය ලෙස මටේජා ගෝෂ් මිය (Mateja Ghosh)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles