පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන, ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ඊයේ (08)සිය ධූරයේ වැඩභාර ගන්නා ලදි. සෞඛ්‍ය සේවයේ වසර 34 ක සේවා පළපුරුද්දකින් සහ සෞඛ්‍ය පරිපාලන සේවයේ අවුරුදු 24 ක සේවා පළපුරුද්දකින් යුත් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා මීට පෙර ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේය. පේරාදෙණිය වෛද්‍ය පීඨයෙන්MBBS ගෞරව උපාධියක් සහිතව වෛද්‍ය වෘත්තියට පිවිසි ඒ මහතා MB වෛද්‍ය පරිපාලන ගෞරව උපාධියද, London of Economics විශ්ව විද්‍යාලයෙන් Health Economics & Physical Science ශාස්ත්රපතිඋපාධියද ලබා ගෙන ඇත.