Monday, September 23, 2024

නව වෛරස ප්‍රභේදයක්..! වාතයෙන් පැතිරේ….!

වියට්නාමය විසින් නව කොවිඩ් -19 ප්‍රභේදයක් සොයාගෙන ඇති අතර එය වාතය මගින් වේගයෙන් ව්‍යාප්ත වන අතර එය ඉන්දියානු සහ බ්‍රිතාන්‍ය ප්‍රහේද වල එකතුවකි.

වියට්නාමයේ මරණ 47 ක් ඇතුළුව රෝගීන් 6,700 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

“අපි ඉන්දියානු සහ එක්සත් රාජධානියේ ප්‍රභේදයන්ගෙන් නව දෙමුහුන් ප්‍රභේදයක් සොයාගෙන තිබෙනවා” යැයි සෞඛ්‍ය අමාත්‍ය ගුයීන් තන් ලෝන්ග් සෙනසුරාදා වසංගතය පිළිබඳව පැවති ජාතික රැස්වීමකට පැවසීය.

“මෙම ප්‍රභේද වල ලක්ෂණය වන්නේ එය ඉක්මනින් වාතයේ පැතිරීමයි. උගුරේ තරලයේ වෛරසයේ සාන්ද්‍රණය වේගයෙන් වැඩි වන අතර අවට පරිසරයට ඉතා ප්‍රබල ලෙස පැතිරෙයි. ”

නව ප්‍රභේදය සමඟ වාර්තා වී ඇති ආසාදිතයින් ගණන ඔහු සඳහන් නොකළ නමුත් වියට්නාමය ලෝකයට නව වෛරසයේ ජාන විකෘතිය පිළිබඳ සිතියම ළඟදීම නිවේදනය කරන බව පැවසීය.

ලෝන්ග්ගේ නිවේදනයට පෙර වියට්නාමයේ දන්නා කොරෝනා වයිරස් ප්‍රභේද 7 ක් තිබූ බව අමාත්‍යාංශය පවසයි.

නව වටයේ ආසාදන මහජනයා සහ රජය භීතියට පත් කර ඇති අතර බලධාරීන් ඉක්මණින් සංචරණ හා ව්‍යාපාර කටයුතු සඳහා දැඩි සීමාවන් පැනවීමට පියවර ගෙන තිබේ.

කැෆේ, අවන්හල්, කොණ්ඩා මෝස්තර සහ සම්බාහන මධ්‍යස්ථාන මෙන්ම සංචාරක හා ආගමික ස්ථාන දිවයිනේ විවිධ ප්‍රදේශවල වසා දැමීමට නියෝග කර තිබේ.

මිලියන 97 ක ජනගහනයක් සිටින රට පුරවැසියන් මිලියනයකට වඩා එන්නත් කර ඇත.

වියට්නාමයේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රාව මිලියන 2 කට ආසන්න ප්‍රමාණයක් ඉතිරිව ඇති නමුත් ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 30 කට වඩා මිලදී ගන්නා බව පැවසීය.

ස්පුට්නික් වී නිෂ්පාදනය කිරීම සඳහා රුසියාව සමඟ ද සාකච්ඡා කරමින් සිටින බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

ජගත් විජේවර්ධන
Bangkok Post ඇසුරෙන්

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles