Monday, September 23, 2024

නව facebook update නිසා ෆේස්බුක් පිටුවලට දැඩි හානි

මේ දවස්වල ලංකාවේ ෆේස්බුක් පාචිච්චි කරන කට්ටියට ලොකු ප්‍රශ්නයක් වෙලා තියනවා මොකක්ද මේ අලුත් අප්ඩේට් එකට පස්සේ වුනේ කියලා. දැන් ප්‍රශ්නේ තමයි News Feed එකයි, Explore Feed එකයි කියන දෙකක් හඳුන්වා දීම.

ඇත්තටම මේ අලුත් Update එක ගැන ප්‍රසිද්ධ වෙබ් අඩවියක් වන businessinsider.com සඳහන් කර තිබුනේ මෙලෙසයි.

” පසුගිය දවස් වල රටවල් 6ක් අලෙලා ගෙන ෆෙස්බුක් එක විසින් අලුත් අප්ඩේට් එකක් හඳුන්වා දුන්නා. එනම් news Feed සහ Explore feed කියන එක. මේකේ අරමුණ තමයි ෆේස්බුක් පවිච්ච කරන ජනතාව අතර පුද්ගලික සහ පොදු දේවල් අතර බෙදීමක්, එනම් ෆේස්බුක් පාවිච්චි කරන්නන්ට පහසුවෙන් පෞද්ගලික දේවල් හා පොදු දෙවල් දෙස බැලීමට හැකිවන පරිදි සැකසීම. එහි පියවරක් ලෙස, පේජ් වල යන සියලුම පොස්ට් Explore Feed එකේ සහ, account වල පල කරන posts News Feed එකේ පෙන්වීමට අපි තීරණය කළා.

කෙසේ නමුත් ඔවුන් එයට තෝරාගත් රටවල් අතරින් එකක් ලෙස සැලකෙන්නේ ශ්‍රී ලංකාව. ඉතිරි රටවල් නම්, බොලිවියා, ස්ලෝවකියා, සර්බියා, ගෝතමාලා, කාම්බෝජය වේ.

කෙසේ නමුත් ෆේස්බුක් එකේ සේවය කරන news Feed හා සම්බන්ධව කටයුතු කරන නිලධාරියකු වන Adam Mosseri මහතා පවසන්නේ මෙම update එක තුලින් ඔවුන්ගේ අරමුණ, පොදු හා පෞද්ගලික කාරනා වෙන් කර දැක්වීම බවත්, මෙය තවමත් පරීක්ෂණ මට්ටමේ තිබෙන බවත්, මෙය පිළිබඳව ෆේස්බුක් පරිශීලකයින් ලබාදෙන ප්‍රතිචාරය ගැන ඉහලින්ම සලකා බලන බවයි.

මෙම Update එක තුලින්, ෆේස්බුක් පරිශීලකයින්ගේ ගිණුම් වල ස්වභාවයට කිසිඳු හානියක් නොවී තිබෙන අතර ඒ අයට සුපුරුදු පරිදි පොස්ට් පළකිරීම, ඒවාට ලයික් පැමිණීම සිදුවන බව ආරංචි වේ.

නමු වියාපාරික පිටු මෙන්ම අනෙකුත් ෆේස්බුක් පිටු සඳහා සැලකියයුතු බලපෑමක් පැමිණ ඇත්තේ, සෘජුව පේජ් වලට පැමිණෙන පිරිසගේ ලොකු අඩුවක් සිදුවී ඇති බවයි. මෙය ෆේස්බුක් ඉතිහාසයේ ෆේස්බුක් පිටුවලට පැමිණෙන සෘජු සාමාජිකයන්ගේ ඉහලම අඩුවීමේ අගය ලෙස සැලකේ. මේ සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය වේදියෙක් පල කර තිබු ට්විටර් පණිවුඩය,

තවද මුල්දී පැවතී reach එක ලබාගැනීමට නම් ෆේස්බුක් පිටුවලට අධික ලෙස මුදල් කිරීමට සිදු වීම හේතුවෙන්, බොහෝ ෆේස්බුක් පිටු ඔවුන්ගේ පිටු වසා දැමීමට පවා කටයුතු කර තිබෙන බැවින්, ෆේස්බුක් වලට ප්‍රධාන අදායම් මාර්ගයක් ගෙන දෙන ෆේස්බුක් පිටු මෙසේ වැසියාම ලොකු ගැටලුවක් බව ඔවුන් වැඩි දුරටත් සඳහන් කරයි.

මෙය තවමත් පරීක්ෂණයක් බවත්, මෙම පරීක්ෂණය අවසාන වන දිනය තවමත් ඔවුන් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත. මිට අමතරව මෙම අලුත් update එක ඇති කිරීමෙන් පසු, එදිනෙදා තම ගිණුමේ සිටි යහළුවන්ගේ post ද සමහර අයට නොපෙන්වන බවටද, මිට අමතරව තමන් like කර ඇති පිටුවල post, explore feed එකේ නොපෙන්වන බවත් සඳහන් කරමින් බොහෝ පැමිණිලි ලැබී ඇති බවටද ඔවුන් සඳහන් කරයි.

මෙම Update එක ” එය Global update එකක් නොවන අතර, එහි කිසිදු සැලසුමක් නොමැත ” බවත්, ඉදිරි මාස කිහිපයේදී මෙහි ඇති බලපෑම හා සාර්ථකත්වය සොයා බලා මෙය ක්රියාතමක් කිරීම හෝ නොකිරම ගැන අවසන් තීරණයට එළඹෙන බව ෆේස්බුක් ආයතනයේ News Feed පිලිබඳ අධ්‍යක්ෂ Adam Mosseri මහතා සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles