පිටකොටුවේ නාටාමිවරු පිරිසක් තමන් හට ගෙවන වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා අද වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණි.
ඔවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇත්තේ තමන්ට දැනට ගෙවනු ලබන වැටුප් වත්මන් ජීවන වියදමට අනුව ඉතා අඩු බව පවසමින්.
මොවුන්ගේ මෙම වැඩ වර්ජනය නිසා පිටකොටුව වෙළෙඳපොළ භාණ්ඩ පැටවීම හා බෑම, එහාමෙහා ගෙනයෑම සම්පූර්ණයෙන්ම අඩාලවී තිබෙනවා.