Saturday, January 18, 2025

නාමල්ගේ කමිටුවෙන් රොෂාන් මහානාම ඉල්ලා අස්වීමෙි ලිපිය යවමින් ඉවත් වෙයි.

වසරක ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශන කමිටුවේ සාමාජිකයෙක් ලෙස කටයුතු කල රොෂාන් මහානාම ඉල්ලා අස්වී තිබේ.

පසුගිය වසරේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට (SLC) උපදෙස් ලබා දීම සඳහා පත් කළ උපදේශක කමිටුවෙන් ජනවාරි 21 වැනිදා සිට රොෂාන් මහානාම ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කළ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයකු වන රොෂාන් මහානාම තමා මින් ඉදිරියට එම කමිටුව සමග කටයුතු නොකරන බවට එම කමිටුවෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමුකළ එම ලිපියේ සඳහන්ව ඇත්තේ රොෂාන් මහානාම ගේ ඉල්ලා අස්වීම පෞද්ගලික හේතුවක් මත සිදුවන්නක් බවයි.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත සැලසුම්, පුහුණුකරුවන් තේරීම, ක්‍රීඩක කොන්ත්‍රාත්තු සාකච්ඡා කිරීම්, ආදී කටයුතු බොහොමයක් සිදු කෙරුණේ අරවින්ද ද සිල්වා ගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් පත්කරන ලද ක්‍රිකට් තාක්ෂණික කමිටුව හරහා යි.

එම කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා වන අතර කුමාර සංගක්කාර සහ මුත්තයියා මුරලිදරන් සෙසු සාමාජිකයින් වේ.

පසුගිය කාලයේ ක්‍රීඩකයන්ගේ වාර්ෂික කොන්ත්‍රාත්තු, පුහුණුකරුවන් පත්කිරීම් සහ පුහුණු වැඩසටහන් සම්බන්ධයෙන් තීරණ රැසක් ගනු ලැබුවේ උපදේශක කමිටුවේ නිර්දේශ මතයි.පෞද්ගලික හේතුවක් මත තම තීරණය ගත් බව මහානාම දන්වා ඇතැයි ද වාර්තාවෙයි.

තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය කිරීමට අකමැති බව වරදවා වටහා නොගත යුතු බවද ඔහු විසින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යවන ලද ලිපියේ සඳහන් කර ඇති බව ද එකි ලිපියේ සඳහන්ය.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත සැලසුම්, පුහුණුකරුවන් තේරීම, ක්‍රීඩක කොන්ත්‍රාත්තු සාකච්ඡා කිරීම්, ආදී කටයුතු බොහොමයක් සිදු කෙරුණේ අරවින්ද ද සිල්වා ගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් පත්කරන ලද ක්‍රිකට් තාක්ෂණික කමිටුව හරහා යි.

රොෂාන් මහානමගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ක්‍රිකට් තාක්ෂණික කමිටු සභාපති අරවින්ද ද සිල්වා ගෙන් සිදු කළ විමසීමකදී ඔහු කියා සිටියේ රොෂාන් මහානාම පාකිස්තාන ක්‍රිකට් පරිපාලනය සමඟ ඇතිකරගත් ගිවිසුමක් හේතුවෙන් මෙලෙස මෙම තනතුරෙන් ඉවත් ව යන බවයි.

මෙම උපදේශක මණ්ඩලය සඳහා බලතල රැසක් ලබාදී තිබූ අතර ක්‍රීඩකයන්ගේ වාර්ෂික කොන්ත්‍රාත් සකස් කිරීම, පුහුණුකරුවන් තෝරා ගැනීම, දේශීය තරගාවලි, ක්‍රිකට් පුහුණු කටයුතු සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයට උපදෙස් ලබාදීම මෙම උපදේශක මණ්ඩලයේ වගකීම් අතර වේ. බොහෝදෙනාගේ කතාබහට ලක් වූ ක්‍රීඩක කොන්ත්‍රාත් සංශෝධනය කිරීම සිදුවූයේද මෙම හිටපු ක්‍රීඩකයන්ගේ උපදෙස් මතයි.

පසුගිය කාලයේ ක්‍රීඩකයන්ගේ වාර්ෂික කොන්ත්‍රාත්තු, පුහුණුකරුවන් පත්කිරීම් සහ පුහුණු වැඩසටහන් සම්බන්ධයෙන් තීරණ රැසක් ගනු ලැබුවේ උපදේශක කමිටුවේ නිර්දේශ මතයි.

එම කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා වන අතර කුමාර් සංගක්කාර සහ මුත්තයියා මුරලිදරන් සෙසු සාමාජිකයින් වේ.

රොෂාන් මහානාම මහතා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබෙන්නේ පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වන බවයි. මෙම තීරණය හේතුවෙන් තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සේවය කිරීමට අකමැති බවක් අදහස් නොවන බවත්, ඉදිරියේදී මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය වෙනුවෙන් තවදුරටත් සේවය කිරීමට සූදානම් බවත් ඔහු දැනුම් දී තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles