නාමල්ගේ ප්‍රකාශයට දයාසිරි හම්බන්තොටදී ප්‍රතිචාර දක්වයි

0
366

ඊයේ(15) හම්බන්තොට අඟුණකොළපැළැස්ස පුරහලේදී පැවති නිදහස් පක්ෂ සම්මේලනයට සහභාගි වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවෙන් ඉවත්ව යන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වනු ලැබීය.

මෙම සම්මේලනය පැවැත්වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා,

“මේ ටිකේ දිගටම අහන්නේ ආණ්ඩුවෙන් යනවද කියලා. ඕක මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා පත්තරේ කරපු සම්මුඛ සාකච්ඡාව අරන් බලන්න. එතුමා කියන්නේ මගේ ආණ්ඩු කාලයේ මාත් එක්ක හිටියා සමසමාජේ, කොමියුනිට්ස්. ඒ අයත් විරුද්ධ වුණා. මේ වගේ ප්‍රශ්න ඇතිවුණේ නෑ කියලා එතුමා කියනවා.හැබැයි අනාගතයේ රජවරු වෙන්න ඉන්න කට්ටිය කොහොමද කතා කරන්නේ. කවුරුවත් නෙමෙයි අපේ නාමල් මහත්තයා මං දැක්කා ඊයේ පෙරේදා කියනවා. ශ්‍රීලනිපයට යන්නලු. තැන් තැන්වල අඬන්නේ නැතුව. ඒගොල්ලන් දැන් එහෙමනම් අපිට කතා කරන්නේ..අනාගතයේ රජ වෙන්නේ කොහොමද කියලා බලමු.”

අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදහස් දක්වමින්,

“අපිට කටවල්වලට අගුල් දාගෙන ඉන්න පුළුවන්කමක් නෑ. ජනතාවගේ ප්‍රශ්න කැබිනට් එකේදි වගේම එළියෙත් කතා කරන්න වෙනවා. ඒවා කතා කරනකොට දේශපාලන අඳබාලයින් කතා කරන්න පටන් අරගෙන.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here