නාමල්ට එරෙහි නඩුවක් පෙබරවාරි 6 ට කල් තැබේ

0
386

මුදල් විශුද්ධිකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව පෙබරවාරි 6 වැනි දා දක්වා කල්තැබීමට අද නියෝග කෙරුණා.

ඒ, අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා හමුවේ අද කැඳ වූ අවස්ථාවේදීයි.

පැමිණිල්ලෙන් විත්ති පාර්ශවයට ලබාදිය යුතු ලේඛන ලබා දිම සඳහා එම නඩුව කැඳවනු ලැබු අතර එම ලේඛන ලබාදීම සඳහා තමන්ට කල් ලබා දෙන්නැයි රජයේ නිතිඥවරයා කළ ඉල්ලීම පිළිගනිමින් විනිසුරුවරයා අදාළ නියෝගය නිකුත් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here