නාමල් සියලු බලතලහිමි සුපිරි කමිටුවක් පත් කිරීමට යයි

0
379

මෙරට තුළ ක්‍රියාත්මක මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල ගැටළු නිරාකරණය කිරීම සඳහා සංවර්ධන සම්බන්ධීකාරක හා අධීක්ෂණ අමාත්‍යවරයා ලෙස තමන්ට සහාය දැක්වීමට සියලු බලතල හිමි නිත්‍ය කමිටුවක් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පත්කිරීමට යෝජනා කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව මාසිකව රැස්වන එම කමිටුව සඳහා අර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය මහින්ද රාජපක්ෂ හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ එකඟතාව මත කමිටු සාමාජිකයන් ලෙස ජාතික ක්‍රමසම්පාදන, ජාතික අයවැය,  විදේශ සම්පත් කළමනාකරණ සේවා, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තු හා ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ද පත්කිරීමට යෝජානා කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here