නාමල් රට යන්න ඉල්ලයි -සලකා බැලීම 16 දා

0
361

එන්. ආර්. කන්සල්ටන්ස් සහ ගවර්ස් කෝපරේට් සර්විස් යන සමාගම් මගින් සැක සහිත ගනුදෙනු කර රුපියල් මිලියන 45ක මුදලක් විශුද්ධීකරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතාට විදෙස් ගත වීමට අධිකරණයෙන් කළ ඉල්ලීම ගැන සලකා බැලීම ලබන 16 වැනි දා තෙක් කල් තැබිමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා තීරණය කළේය.

ආසියානු නීතීඥ සංගමය විසින් වියට්නාමයේ පැවැත්වීමට නියමිත පාපන්දු තරගාවලියකට සහභාගී වීමට තමන්ට ලබන 22 වැනිදා සිට දින හතක කාලයක් විදෙස් ගත වීමට අවසර ලබා දෙන ලෙසට ඉල්ලමින්   රාජපක්ෂ මහතා මෝසමක් ඉදිරිපත් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here