නාය අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

0
296

බදුල්ල, මහනුවර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22කට නිකුත් කළ තිබූ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් අද (03) රාත්‍රී 08.00 දක්වා දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරනවා.

වැසි සහිත කාලගුණයක් සමඟ ඇති වූ ආපදා තත්ත්වයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 41කට බලපෑම් සිදුව තිබෙනවා.

ආපදා තත්ත්වයෙන් පවුල් 1,444කට අයත් පුද්ගලයින් 5,790 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

තවද ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු ද විවෘත කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here