Wednesday, January 22, 2025

නාවලපිටියේ කචල්…!

ජිවන වියදම ඉහල යාම ඇතුළු ඉල්ලිම් ගණනාවක් මුල් කරගනිමින් නාවලපිටිය නගර මධ්‍යයේ අද (16) දින උද්ඝෝෂණයක් සිදු කිරිමට උත්සහ කල නාවලපිටිය ආසනයේ සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව ඇතුළු එම පක්ෂයේ ආධාරකරුවන් දස දෙනෙකු නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම පිරිස උද්ඝෝෂණය සිදු කිරිම සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල අසල සිට නාවලපිටිය නගරයට පැමිණෙන අතරතුර නාවලපිටිය පොලිසියේ නිලධාරින් ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගි කරගනිමින් නාවලපිටිය නගර මධ්‍යයේ උද්ඝෝෂණය සිදු කිරිම සදහා පොලිසියෙන් අවසර ලබාගෙන නොමැති බව පැවසුවද එය නොතකා එම පිරිස උද්ඝෝෂණය සිදු කිරිමට නගරයට පිවිසිමට උත්සහ කිරිමේදි මෙම පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාවලපිටිය ආසනයේ ආසන බල මණ්ඩල රැස්විම හිටපු ජනාධිපති සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන්වයෙන්  නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යාලයේදි අද දින පැවැත් වු අතර, එම රැස්විමට විශාල ආධාරකරුවන් පිරිසක් පැමිණ සිටි අතර, දෙපිරිස අතර ගැටුමක් ඇති නොවිමට කටයුතු කරමින් සමගි ජන බලවේගයේ පිරිසට නාවලපිටිය නගර තුලට පිවිසමට හෝ උද්ඝෝෂණය කිරිමට පොලිස් නිලධාරින් විසින් කටයුතු කෙරුණා.

අත්අඩංගුවට ගත් සමගි ජනබලවේගයේ පිරිස නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නාවලපිටිය පොලිසිය පැවසුවේ.

නාවලපිටිය නගරයේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාවලපිටිය ආසන බල මණ්ඩල රැස්විම සහ සමගි ජන බලවේගයේ පැවැත්විමට තිබු උද්ඝෝෂණය හේතුවෙන් අමතර පොලිස් බලැණි සහ පොලිස් කැරළි මර්ධන ඒකකය නාවලපිටිය නගරයට කැදවා දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles