Saturday, January 11, 2025

නාවලපිටිය ගලබොඩවත්තේ මිරිස් වගාව ලෝක ආහාර සංවිධානයේ පැසසුමට

නාවලපිටිය ගලබොඩවත්තේ මේ වනවිට ආරම්භ කර ඇති මිරිස් වගාව ලෝක ආහාර සංවිධානයේ පැසසුමට ලක්වී ඇත. ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ආර්ථික ඵලදායිතාවක් නොමැති ඉඩම් අක්කර 100ක් අක්කර භාගය බැගින් දමිළ තරුණයින් අතර බෙදාදී මෙම මිරිස් වගාව ආරම්භ කර ඇත.

මීට මාස තුනකට පමණ ඉහතදී ආරම්භ කළ මෙම මිරිස් වගාවේ ඵලදාව මේ වනවිට නෙලමින් සිටී. එක් ගමකට එක් බෝගයක් බැගින් වූ ව්‍යාපෘතිය යටතේ ආරම්භ කර ඇති මෙම මිරිස් වගාව දැකබලා ගැනිමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා හා මාලදිවයිනේ නිත්‍ය නියෝජිත විමලේන්ද්‍ර සරාන් (Vimalendra Sharan) මහතා ඉකුත් 16 වැනිදා නාවලපිටිය ගලබොඩවත්තට පැමිණියා.

එහිදී දමිළ තරුණයින් මිරිස් වගාවේ යෙදෙන ආකාරය නිරීක්ෂණය කළ සරාන් මහතා  මෙම වැඩපිළිවෙල රජයේ ආදර්ශමත් ක්‍රියාවක් බව සඳහන් කළා. තේ වතුවල ආදායම අඩුවන කාලයට මෙවැනි විකල්ප ආදායම් මාර්ගවලට තරුණයින් යොමු කිරීම වැදගත් කාලෝචිත වැඩපිළිවෙලක් බවද ඔහු සදහන් කළා.

“සාම්ප්‍රදායික ගොවිතැනින් බැහැර වී මෙවැනි කෘෂිකාර්මික වැඩසටහන් හඳුන්වා දී අගය එකතුකළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් ඉහළ ආදායමක් ලබා ගන්න පුළුවන්. විවිධ පර්යේෂණවල යෙදෙන අයටද මෙවැනි ව්‍යපෘති ඔවුන්ගේ පර්යේෂණ සඳහා යොදා ගැනිමද වැදගත්” යැයිද ඔහු සඳහන් කළා.

මිරිස් වගාව සරුවට කළ හැක්කේ වියලි කලාපයේ පමණක් බවට මතයක් පැතිර තිබුණද එය එසේ නොවන බව මේ ව්‍යාපෘතිය මඟින් සනාථ කළා. එමෙන්ම මිරිස් බීජ නිෂ්පාදනය සඳහා තවත් ප්‍රදේශයක් නාවලපිටිය ප්‍රදේශයෙන්ම තෝරා ගෙන ඇති අතර එයද මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන තියෙනවා.

සරාන් මහතා සමඟ මෙම සංචාරයට එම සංවිධානයේ අතිරේක නියෝජිත ආචාර්ය ඩී.බී.ටී.විජේරත්න මහතා ද සහභාගි වී සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles