නාවික හමුදාවට කෝටි 233ක ආදායමක්

0
508

සමුද්‍රීය ආරක්ෂක රාජකාරී කටයුතු 2015 නොවැම්බර් මස 13 වන දින ඇවන්ගාඩ් සමාගමෙන් භාර ගැනීමෙන් අනතුරව වසරක් ගත වී මේ දක්වා රුපියල් කෝටි 233 කට අධික මුදලක් රජයට උපයා දීමට නාවික හමුදාව සමත් ව තිබෙන බව නාවික හමුදාව නිවේදනයකින් සඳහන් කරයි.

නැව් වාර 6,646 කින් මෙම ආදායම නාවික හමුදාව උපයාගෙන තිබේ. ඒ අනුව, ගාල්ල සහ කොළඹ මෙහෙයුම් මධ්‍යස්ථාන මගින් පිළිවෙලින් ගමන් වාර 6150 සහ 496 ක් සිදු කර ඇති අතර, දළ වශයෙන් මසක් තුළ ගමන් වාර 554 ක් පමණ සිදු කර ඇත.

උපයාගත් ආදායම රජයේ ඒකාබද්ධ අරමුදල වෙත සෘජුවම බැර කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here