Monday, September 23, 2024

නාහෙන් අඬන්නැතුව රට වෙනුවෙන් සෙල්ලම් කරන්න – අරවින්ද

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතය නියෝජනය කරන ක්‍රීඩකයන් සඳහා ක්‍රිකට් ආයතනය මගින් හඳුන්වා දී තිබෙන නව කොන්ත්‍රාත් ගිවිසුම සම්බන්ධයෙන් ‍බොහෝ ක්‍රීඩකයන්ගේ විවේචන එල්ල වී තිබේ. විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් නොසලකා හැර ඇති බවට චෝදාන එල්ල වන අතර මේ පිළිබඳව බොහෝ ක්‍රීඩකයන් නොසතුටින් සිටින බවයි වාර්තා වී තිබුණේ.

නව ගිවිසුම පිළිබඳව ක්‍රීඩා විචාරකයන්ගේ මෙන්ම සමාජ මාධ්‍ය භාවිතා කරන ක්‍රීඩාලෝලීන්ගේද විවේචනයට ලක්ව තිබිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා පවසන්නේ මෙම ගිවිසුම සකස් කළේ විශාල අධ්‍යයනයකින් පසුව බවයි. ඒ පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කළ බවත් කිසිදු ක්‍රීඩකයෙකුට අසාධාරණයක් නොවන පරිදි සහ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවලට උපරිම සාධාරණය ඉටුවන පරිදි ගිවිසුම සකස් කර ඇති බවත්, ඒ නිසා ක්‍රීඩකයන් ගිවිසුමට එකඟ නොවන්නේ නම් එය කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බවත් ඔහු පවසනවා.

ක්‍රීඩකයන්ගේ වගකීම වන්නේ ක්‍රීඩාංගනයට ගොස් ධනාත්මකව ක්‍රීඩා කර රට දිනවීම බවත්, ඒ නිසා පැමිණිලි කිරීම පසෙක ලා රට වෙනුවෙන් වගකීම් ඉටු කිරීමට ක්‍රීඩකයන් කටයුතු කළයුතු බවත් අරවින්ද ද සිල්වා මහතා අවධාරණය කරනවා.

දිගින් දිගටම තරග පරාජයවීම හමුවේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා මත පදනම් වන ගෙවීමේ ක්‍රමයක් හඳුන්වා දියයුතු බවට දිග කලෙක සිට කතාබහට ලක් වූ අතර නව ක්‍රමවේදය සකස් කිරීම සඳහා එය ප්‍රධාන හේතුවක් විය. අරවින්ද ද සිල්වා මහතා පවසන්නේ තරගාවලි ජයග්‍රහණය කරන විට ගෙවන දීමනාව සැළකිය යුතු ප්‍රමාණයකින් ඉහළ දැමීමට කටයුතු කර ඇති බවයි. ඒ නිසා කණ්ඩායම ජයග්‍රාහී මාවතට පිවිසින්නේ නම් කිසිදු ක්‍රීඩකයෙකුට අසාධාරණයක් සිදු නොවන බව ඔහු පවසනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles