නැගල ගිය සාජ්ජේ

0
786

පසුගිය කාලෙ පළාත් සභාවක ලොකු තනතුරක් දරල දැන් දියවන්නා කවුන්සිලේ මැම්බර්කමක් කොරන මහත දෙහෙත එක්තරා මන්ත්‍රී සයිස් මහත්තයෙක් ඉන්නව.

එයාට දියවන්නාව කිට්ටුව තියෙන මන්ත්‍රී නිවාසෙන් නිවසකුත් හම්බුවෙලා පදිංචිය එතනලු.

ඉතින් ඔන්න උන්නැහේට පසුගියදාක පොඩි ජොලියක් දාන්න හිතිල පොඩි මධුසාදයක් දාල… ඒකට තවත් හත් අට දෙනෙකුත් ඇවිත් හිටියලු….

මැති ඇමැති නිවාස රැසක් තියෙන මේ ගොඩනැගිල්ලේ සාදය පැවති නිවස අවට නිවාසවල මන්ත්‍රී නෝනල ගණනකුත් ඉන්න බවයි ආරංචි.

කොහොම හරි සුළුවෙන් පටන්ගත්ත සාදය මධ්‍යම රාත්‍රිය වෙනකොට නැගලම යන්න පටන් අරන්. අහල පහල ගෙවල්වල මන්ත්‍රී ගොල්ලන්ට නිදාගන්න බැරි තරමට සාජ්ජයෙ ගෝසාව තිබුණලු.

සාජ්ජය වෙලාවෙ ඒකට කවුරුන් මොකුත් නොකිව්වට ඊටපස්සෙන්ද උදේ මේ ගැන දියවන්නාවෙ කතාවට නායක තැනගෙ කන්තෝරුවට පැමිණිලි ගොඩයිලු….

ඒ පාර සාද සංවිධායක වූ දියවන්නාවට “චාමර” සලන්න වුණත් පුළුවන් මේ මන්ත්‍රී තැනට එන්න කියූ මැතිසබා ලොක්කො නැවත මේවගේ වැඩ නොකරන්න හොඳ පාඩමක් කියල දුන්න බවයි ආරංචි….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here