නැදුන්ගමුවේ රාජා මුද්දරයකට යයි

0
1243

ආසියාවේ විශාලතම හීලෑ හස්තියා ලෙස නම් දරා ඇති නැදුන්ගමුවේ රාජා හස්තියා ලබාදී ඇති ආගමික හා සංස්කෘතික මෙහෙවර අගයා හස්තියාගේ රුව ඇතුළත් රුපියල් 45 ක් වටිනා තැපැල් මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීමට මුද්දර කාර්යාංශය කටයුතු යොදා ඇත.

මේ සඳහා වන රාජ්‍ය උත්සවය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්  මෙම මස 30 වෙනි දින පෙරවරු 9 ට සිය නිවෙස්දී සිදු කිරීමට කටයුතු යොදා ඇති බව රාජා හස්තියාගේ හිමිකරු වන ගම්පහ,  නැදුන්ගමුවේ වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා පැවසීය.

දොළොස් වතාවක් මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීම සිදු කොට ඇති රාජා හස්තියා මේ වනවිට  66 වියෙහි පසුවන අතර , මීට වසර 60 කට පමණ පෙර ඉන්දියාවේ මහරාජා වරයෙකු විසින් ඔහුගේ රෝගයක් සුවකළ පිළියන්දල , නීලමහර වෙද හාමුදුරුවන් වෙත තිළිණයක් ලෙසින් පරිත්‍යාග කොට ඇතත් පසු කළෙක අභාවප්‍රාප්ත නැදුන්ගමුවේ වෛද්‍යාචාර්ය පී.ඩී.පී.ධර්මවිජය මහතා මිලදී ගැනීමෙන් පසුව මේ වනවිට එම වෛද්‍යවරයා වරයාගේ පුත්‍ හර්ෂ ධර්මවිජය මහතාගේ රැකවරණය යටතේ  හැදී වැඩෙන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here