Thursday, January 23, 2025

නැනෝ නයිට්‍රජන් දියර පොහොර කියන්නේ සම්පූරණයෙන්ම රසායනික පොහොරක්

නැනෝ නයිට්‍රජන් දියර පොහොර භාවිත කිරීම සම්බන්ධයෙන් තවමත් ඉන්දියාවේ ගොවීන්ටද අත්දැකීම් අඩු බව ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා පිළිබඳ මහාචාර්ය එස්. ඩී. එම්. චින්තක පවසනවා. මෙම නැනෝ නයිට්‍රජන් දියර පොහොර පර්යේෂණ මට්ටමින් සිදුකර ක්ෂේත්‍ර පරීක්ෂණයද සිදු කර ගොවීන් වෙත නිකුත් කර තවම ගතවී ඇත්තේ මාස දෙකක් පමණක් බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ. ඒ අනුව ඉන්දියාවේ ගොවීන් අතර පවා මෙම පොහොර භාවිතය සම්බන්ධයෙන් අද්දැකීම් කිසිවක් නොමැති පොහොරක් බවත් ලංකාවේ මෙය භාවිතා කිරීමට පෙර ක්ෂේත්‍ර පර්යේෂණ සිදු කර එහි ප්‍රතිඵල විශ්ලේෂණය මත ලංකාවට හඳුන්වාදිය යුතු බවයි රසායන විද්‍යා පිළිබඳ මහාචාර්ය එස්. ඩී. එම්. චින්තක සඳහන් කළේ. එසේම නැනෝ නයිට්‍රජන් දියර පොහොර යනු සම්පූරණයෙන්ම රසායනික පොහොරක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles