නැනෝ පොහොර ගෙන්වීමෙි දී සිදු වූ වංචාව පිටුපස සිටින්නේ ශෂීන්ද්‍ර ද ?

0
499

ඉන්දියාවෙන් නැනෝ පොහොර ගෙන්වීමේදී සිදු කර ඇති වංචාවට ශෂීන්ද්‍ර රාජපක්ෂ සම්බන්ධවී සිටිනවාදැයි ‌ආණ්ඩුව රටට කිව යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරිය මේ බව සදහන් කළාය.

ඉන්දියාවේ ඩොලර් තුනට ඇති නැනෝ නයිට‍්‍රජන් පොහොර ශ්‍රී ලංකාවට ඩොලර් 12.5ට ගැනීමේ දී යම් අකටයුත්තක් සිදුවී ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා පිළිගෙන ඇති බවත් මන්ත්‍රීවරිය මෙහිදී පවසා සිටියා.

ඉන්දියාවෙන් හෝ චීනයෙන් පොහොර ගෙන්වීම සඳහා තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැතැයි ද මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කර ඇති බව ද ඇය පැවසුවාය.

ඒ අනුව මෙම පොහොර ගෙන්වීම සදහා සම්බන්ධ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ දැයි රටට හෙලිකළ යුතු බවත් ඇය අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here