නැවතත් රට වසා දැමීමට නිර්දේශ කිරීම හැර වෙනත් විකල්පයක් සෞඛ්‍ය අංශ සතුව නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළ ගියොත් මෙම පියවර ගන්නා බවත් පවතින ගංවතුර සහ මහජන උද්ඝෝෂණ හේතුවෙන් ආසාදිතයන් සංඛ්‍යාව තව දුරටත් ඉහල යනු ඇති බවත් හෙතෙම සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කර තිබේ.