ඩෙල්ටා ප්‍රභේදයට වඩා ඉතා සීඝ්රයෙන් ව්‍යාප්තවීමේ හැකියාවක් සහිත සංකූලතා වැඩි කොවිඩ් අනු ප්‍රභේදයක් මෙරට පැතිර යාමේ හැකියාවක් ඇති බවට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අනතුරු අඟවයි.
එන්නත්කරණයෙන් ඉහළ සාර්ථකත්වයක් හිමිකරගෙන ඇති එංගලන්තයෙන් මෙම ඩෙල්ටා ප්ලස් කොවිඩ් අනු ප්‍රභේදය මුල්වරට වාර්තා වී ඇත.
මේ වනවිට රටවල් 27ක ඩෙල්ටා ප්ලස් අනු ප්‍රභේදය දැකිය දැකි බවද ශ්‍රී ලංකාව ද මේ වනවිට ජනතාවගෙන් වැඩි ප්‍රතිශතයක් එන්නත්කරණයට ලක්කර සිටින බැවින් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා කටයුතු කළහොත් ඩෙල්ටා ප්ලස් කොවිඩ් අනු ප්‍රභේදය මෙරටද ව්‍යාප්තවීමේ අවදානමක් ඇති බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පැවසුවේය