Wednesday, January 15, 2025

නැවත කිරිපිටි හිඟයක් ගැන කිරිපිටි ආනයනකරැවන් අවධාරණය කරයි

ඉදිරියේදී රට තුළ නැවතත් කිරිපිටි හිඟයක් ඇති විය හැකි බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය අවධාරණය කරනවා.

එම සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා ප්‍රකාශ කළේ, පවතින ඩොලර් හිඟය හේතුවෙන් අදාළ සමාගම්වලට කිරිපිටි ආනනය කිරීම සඳහා මුදල් ගෙවීමට නොහැකි වී ඇති බවයි.

ඒ හේතුවෙන් ඉදිරියේදී මෙරටට කිරිපිටි රැගත් නෞකා නොපැමිණිය හැකි බවත් ජනවාරි සහ මාර්තු මාසවලදී මෙරටට ආනයනය කරන ලද කිරිපිටිවලට ද මෙතෙක් ගෙවීම් සිදු කර නොමැති බව ඒ මහතා පවසනවා.

කෙසේ වෙතත්, මේ වන විට වෙළෙඳපොළ තුළ කිරිපිටි හිඟයක් නොමැති බව ලක්ෂ්මන් වීරසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.

මෙි අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසන්නේ මෙරට මුහුණ දී ඇති විදේශ මුදල් හිඟ තාවයට රටක් ලෙස ඉතා බැරෑරුම් ලෙස මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

ඒ හේතුවෙන් පලමු කොටම කිරිපිටි ආනයනය නවතා දැමීමට කටයුතු කර දිය හැකි නම් එය විශාල උදව්වක් බවද ඔහු සඳහන් කළේය.

දැනට විදේශගත ශ්‍රමිකයන් එවන විදේශ මුදල් ප්‍රමාණය ඉතාමත් අඩු වී ඇති බවත් එය ඉහළ නංවා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා පැවසීය.

ලබන වසරේ ජනතාවට අවශ්‍ය ප්‍රෝටීන් වෙනුවෙන් විදේශ මුදල් වැය කිරීමට කිසිම ආකාරයකින් හැකියාවක් නොලැබෙනු ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

කිසි ලෙසක මෙරට ජනතාවට සාගතය යන වචනයේ අහලකටවත් නොඑන්න වැඩ කටයුතු සිදුකරමින් සිටින බවද මුදල් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.

කෘෂිකර්ම අමාත්‍යංශයේ පශූ සම්පත් මණ්ලයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles