Friday, December 27, 2024

නැවත රට තුළ ඩීසල් හා ගල්අඟුරු විදුලිබලාගාර ඉදිනොකිරිමට අවධානය

නැවත රට තුළ ඩීසල් සහ ගල් අගුරු විදුලි බලාගාර ඉදිකිරීමට ප්‍රමුඛත්වය ලබානොදීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

වලවේ ගඟ හා කිරිදි ඔය ආශ්‍රිතව ගං ඉවුරුවල හා ගංගා තුළ වැවී ඇති වල් පැලෑටි සහ ආක්‍රමණික ශාක වර්ග ඉවත් කිරීමේ වැඩ පිළිවෙළ ආරම්භ කරමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ.

සුරකිමු ගංගා වැඩසටහන යටතේ එය ක්‍රියාත්මකයි. මෙරට ගංගා පද්ධතියට අයත් ගංගා 103 ම සංරක්ෂණය කිරීමේ අරමුණෙන් සුරකිමු ගංගා වැඩසටහන ආරම්භ කෙරුණා.

ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 200 ක්. ගෝලීය උණුසුම පාලනය කර ගැනීමහ සඳහා ජාත්‍යන්තර සංවිධාන ක්‍රියාතක්මක කර ඇති වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණෙන් ජනාධිපතිතුමා පුනර්ජනනීය බලශක්තිය වෙත යොමුවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2030 වසර වනවිට මෙරට විදුලි උත්පාදනයෙන් 70 %ක් පමණ පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර මගින් ලබාගැනීමට නියමිතයි. ඉදිරියේ දී රට තුළ ඩීසල් සහ ගල් අඟුරු විදුලි බලාගාර වෙත ප්‍රමුඛත්වය නොදී සුළං බලය , ජල විදුලිය , සූර්ය බල ශක්තිය , එල් එන් ජී ආදිය කෙරෙහි යොමුවන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles