නැවත ලොක්ඩවුන් කිරීමේ තත්ත්වයක් ඇතිවුවහොත් එය ඉතා දරුණු තත්ත්වයක්

0
274

තවත් මාස දෙකක් ඇතුලත රට නැවත වතාවක් ලොක්ඩවුන් කිරීමේ තත්ත්වයක් ඇතිවුවහොත් එය ඉතා දරුණු ඛේදවාචකයක් වනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා සඳහන් කරයි.

මෑතක දී ද පැවැති වෘත්තිය සමිති ක්‍රියාමාර්ග විරෝධතා ආදිය හේතුවෙන් වෛරසය වේගයෙන් ව්‍යාප්ත වූ බවද මන්ත්‍රීවරයා පැවසීය.

යලි වතාවක් රට විවෘත කර තිබෙන අවස්ථාවේ පෙර පරිදිම විරෝධතා උද්ඝෝෂණ පවත්වන්නට වූවොත් මාස දෙකක් පමණ කාලයක් ඇතුළත රට වසා දැමීමට සිදුවනු ඇති බවත් එය ඉතා දරුණු ඛේදවාචකයක් වනු ඇතැයිද ඒ මහතා සදහන් කලේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here