නැවේ සේවකයින් සුරක්ෂිතයි – නාවික හමුදාව (වීඩියෝ )

0
605

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් නාවික සැතපුම් 5.5ක් පමණ (කිලෝමීටර 10ක්) දුරින් අනතුරට ලක් වූ නෞකාවට හානි සිදුවී නොමැති බවට නාවික හමුදාව අද (24) තහවුරු කරගෙන තිබේ.

ඔවුන් අද ඒ පිළිබඳව විශේෂඥ පරීක්ෂාවකින් පසුව ඒ බව පැවසීය.

ඊයේ (23) කුඩා රාවණා පරයේ  සිරවී අනතුරට පත්ව තිබූ “MV Eurosun” නැමති නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් සමගින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ “රත්නදීප ‍නෞකාව” ළඟාවූ අතර, පසුව මූලික විමර්ශන ආරම්භ කරන ලදි.

එම මූලික විමර්ශනයන්ට අනුව අනතුර හේතුවෙන් නෞකාවේ බඳට හානිවීමක් වාර්තා නොවූ බවත් නෞකාව තුළ ට ජලය කාන්දුවීමක් හෝ අනතුර හේතුවෙන් සාගරයට ඉන්ධන කාන්දුවීමක් ද වාර්තා නොවු බවත් නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

එමෙන්ම නෞකාවේ කාර්ය මණ්ඩලයට – කපිතාන් ඇතුළු පිලිපීන ජාතිකයින් 15 දෙනා සහ ඉතියෝපියානු ජාතිකයින් තිදෙනා – මෙම අනතුර හේතුවෙන් හානියක් සිදුවී නොමැති බව එම නිවේදනයෙන් දන්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here