නැව ගිලුණත් බෑන්ඩ් චූන් බව මැඬිල්ලේ හිමි කියයි….

0
432

මුහුදුබත් වූ නෞකාවෙන් මෙරට සාගර කලාපයට හා මුහුදු වෙරළට සිදුව ඇති හානිය ඉතා අවම බව සිංහලේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පවසනවා. උන් වහන්සේ සමුද්‍ර ජීව විද්‍යාව හෝ කිසිදු විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලබා නොතිබීම මේ සම්බන්ධව අදහස් පළ කිරීමේ ඇති තවත් සුවිශේෂත්වයකි.

කාදිනල් හිමියන්ද මේ පිළිබදව සාකච්ඡාවට බදුන් කල බවත් මේ වන විට හානියට පත්ව සිටින ධීරවරයින් උසිගන්වා, උද්ඝොෂණ සඳහා පාරට ගෙන්වා තවත් කොවිඩ් පොකුරු සෑදීමට උත්සහ නොකරන ලෙසත් මැඩිල්ලේ හිමියන් සඳහන් කළා. මේ තුළින් ඇතැම් පුද්ගලයින් දේශපාලන මෙන්ම ආගමික වාසි ලබාගැනීමට උත්සහ කරමින් සිටින බවයි.

උන් වහන්සේට මේ තොරතුරු සැපයූයේ රසායන විද්‍යාඥයෙක් බව මෙහිදී සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here