නිදහස් චතුරස්‍රය ජනතා පරමාධිපත්‍යයට පවා අකැප වෙයි!

0
779

කොළඹ 07 නිදහස් චතුරස්‍රය අවට ප්‍රදේශය සන්නද්ධ රථ සහ GI පයිප්ප යොදා ස්ථිර මාර්ග බාධක සහිතව අවහිර කර ඇති බව වාර්තා වේ.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඒ දෙසට යාමේදී පොලීසිය විසින් බාධක යොදා ප්‍රතිරෝධයක් එල්ල කරන ලදී. එවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පොලිස් නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාත් පාඨලී චම්පික රණවක මහතාත් දැඩි වාග් ප්‍රහාර එල්ල කරමින් මෙම අවහිරය ජනතා නියෝජිතයන්ට එල්ල කරන අපහාසයක් බවත් මෙය රටේ ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කිරීමක් බවත් පැවසූහ.

මේ අවස්ථාවට ෆීල්ඩ් මාෂල්වරයා සහ තවත් මන්ත්‍රීවරු පනහකට ආසන්න පිරිසක් සහභාගි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here