නිදහස් දා මුල් පුටුවකට ෆොන්සේකා පොරකයි

0
408

අද (04) ගාලු මුවදොර පිටියේ තිබුණ නිදහස් උත්සවයේ ඉස්සරහ පුටු පේලියේ පුටු දෙකක් ඉල්ලා වෙල්විදානේ (ෆීල්ඩ්මාෂල්) සරත් ෆොන්සේකා සංවිධායකයින් සමඟ ඊයේ (03) රෑ වලියක් අල්ලා ඇත. නීතියට අනුව වෙල්විදානේට හිමිව තිබී ඇත්තේ 52වැනි පුටුවය.වෙල්විදානේට මුල් පුටුවක් ලබාදීම ගැන එජාප ජ්‍යෙෂ්ඨයන් කලකිරීමෙන් සිටින බවත් වාර්තා වෙයි. විපක්ෂ නායක ආර්.සම්බන්ධන් නිදහස් උත්සවයට සහභාගි වී නැත්තේද මේ නිසාය. එම උත්සවය සංවිධානය කළ ප්‍රධානියකු සම්බන්ධන් මහතාගෙන් නිදහස් උළෙලට නොපැමිණි කාරණාව ගැන අසා ඇති අතර ඒ අවස්ථාවේ සම්බන්ධන් කියා ඇත්තේ වෙල් විදානේ යුනිෆෝම් ඇඳන් පිස්සු නටද්දී තමාට වේට්ටියක් ඇඳන් ඊට සහභාගිවිය නොහැකි බවයි. වෙල්විදානේ මීට කලින් සෝභිත හිමිගේ අදාහනය අවස්ථාවේදී ද මුල් පුටුවක් ඉල්ලා නහින්න හදා ඇතැයි වාර්තා වේ. කැබිනට් ඇමතිවරු වෙල්විදානේගේ වැඩ නිසා දැඩි කලකිරීමෙන් සිටින බවත් වාර්තා වේ. වෙල්විදානේ මුල්පුටුවක් අල්ලා ගනිද්දී රාජිත, සාගල, කිරිඇල්ල, රවී වැනි අයද දෙවැනි පෙළට වැටී ඇත. colombojournal

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here