Sunday, September 22, 2024

නිදහස් දිනය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

ජාතික නිදහස් දින උළෙල වෙනුවෙන් පෙබරවාරි 04දා කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව එදින පෙරවරු 5.00 සිට මධ්‍යහ්න 12.00දක්වා ගාලු පාර, ගාලු මුවදොර වටරවුම සිට පරණ පාර්ලිමේන්තු වටරවුම අතර කොටස මෙන් ම චෛත්‍ය පාර ද වසා තැබෙනු ඇත.

එමෙන් ම පෙරවරු 7.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා කොල්ලුපිටිය හන්දියෙන් ගාලු මුවදොර වටරවුම දෙසට ඇතුළුවීම, කොල්ලුපිටිය ශාන්ත මයිකල් වටරවුමෙන් ගාලු පාර දෙසට ඇතුළුවීම, රොටුන්ඩා වටරවුමෙන් ගාලු පාර දෙසට ඇතුළුවීම, සෙරමික් හන්දියෙන් පරණ පාර්ලිමේන්තුව දෙසට ඇතුළුවීම පදිංචිකරුවන්ට පමණක් වන අතර යෝර්ක් වීදියෙන් ලංකා බැංකු මාවත දෙසට, සීනෝර් හන්දියෙන් CTO හන්දිය දෙසට ඇතුළුවීම, කොටුව CTO හන්දියෙන් සෙරමික් හන්දිය දෙසට මෙන් ම මාකන් මාකර් මාවත උත්තරානන්ද මාවත හන්දිය දෙසින් ගාලු මුවදොර වටරවුම දෙසට ඇතුළුවීමේ අවසරය ඇත්තේ කාර්යාලය සඳහා පමණක් වේ.

පෙරවරු 8.00 සිට මධ්‍යහ්න 12.00දක්වා ගාමිණි වටරවුමෙන් ඩී.ආර්. විජේවර්ධන මාවතට ඇතුළුවීම කාර්යාල සඳහා පමණක් වන අතර කොම්පඤ්ඤ වීදිය පොලිසිය වටරවුමෙන් ඊගල් හන්දිය දක්වා කොටසද වසා තැබෙනු ඇත.

ගාලු පාර ඔස්සේ කොළඹට ඇතුළුවන මෙන් ම පිටවන බර වාහන ඩබ්.ඒ. සිල්වා මාවත ඔස්සේ, හැව්ලොක් පාර, මායා වටරවුම, හැව්ලොක් පාර, තිඹිරිගස්යාය පාර, බේස්ලයින් පාර ඔස්සේ කොළඹට ඇතුළුවිය හැකිය. ගාලු පාර ඔස්සේ කොළඹින් පිටවන බර වාහන ඉහත සඳහන් මාර්ගයෙන් ම ගමන් කොට කොළඹින් පිටවිය හැකිය.

ගාලු පාර ඔස්සේ කොළඹට ඇතුළුවන මෙන් ම පිටවන බස් රථ සහ සැහැල්ලු වාහන ගාලු පාර ඔස්සේ බගතලේ පාර, ආර්.ඒ. ද මෙල් මාවත, තුම්මුල්ල වටරවුම, තර්ස්ටන් පාර, ජේඕසී හන්දිය, ග්ලාස් හවුස් හන්දිය, නන්දා මෝටර්ස්, හෝර්ටන් වටරවුම, සොයිසා වටරවුම, ඩීන්ස් පාර, ටෙක්නිකල් හන්දිය ඔස්සේ ගමන් කළ හැකිය. පෙරවරු 9.00 සිට කොල්ලුපිටිය හන්දියෙන් පිත්තල හන්දිය, කොම්පඤ්ඤ වීදිය හරහා ගමන් කිරීමට ද අවසර ඇත.

ඕල්කට් මාවත, ටෙක්නිකල් හන්දිය, මරදාන පාලම හන්දිය, ටී.බී. ජයා මාවත, ඉබ්බන්වල හන්දිය, යුනියන් පෙදෙස, ලිප්ටන් වටරවුම, ධර්මපාල මාවත, ධර්මපාල මාවත, එෆ්.ආර්. සේනානායක මාවත, කන්නංගර මාවත, නන්දා මෝටර්ස් හන්දිය, නිදහස් වටරවුම, රීඩ් මාවත, තුම්මුල්ල වටරවුම, බෞද්ධාලෝක මාවත, ආර්.ඒ. ද මෙල් මාවත, ගාලු පාර ඔස්සේ පිටව යා හැකිය.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles