‘නිදහස’ බකල් කරන්න ගිය අරගලකරුවෝ මාට්ටු.!

0
351

75 පස්වැනි නිදහස් උත්සවය වෙනුවෙන් ගාලුමුවදොර ඉදිකරමින් පවතින වේදිකාව ඇතුලු ස්ථාන ඡායාරූප ගතකරමින් සිටි අරගල ක්‍රියාකාරි සමාජිකයකු හා සමාජිකාවක  අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැරිය බව පොලිසිය පවසයි.

මොවුන් දෙදෙනා පෙරේදා රාත්‍රි 8..00 ට පමණ එම ස්ථාන අනවසරන් ඡායාරූප ගතකරමින් සිටියදී එහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්  අත්අඩංගුවට ගෙන කොටුව පොලිසියට බාර දී ඇත.

මොවුන් දෙදෙනා කොළඹ හා ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනාගෙන ප්‍රකාශ සටහන් කරගෙන ඔවුන් පොලිස් ඇප මත මුදාහැර ඇත.

කොටුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here