Thursday, December 26, 2024

නිමක් නොදකින සංවර්ධනය හමුවේ කෙළක් නොමැතිව අහිමිවන අලි .මිනිස් ජිවිත

හම්බන්තොට අන්දරවැව අතුරු මාර්ගයකදී, දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවයේ නියතුව සිටි කම්කරුවෙකු ඊයේ  (30) සවස 5.30 ට පමණ වන අලි ප්‍රහාරයකින් මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ අංක 402, සූරියවැව නව නගරයේ පදිංචි වයස වුරුදු 41 ක් වන චමින්ද කුමාර නැමති අයෙකු වන අතර මිය ගිය අයගේ දේහය හදිසි මරණ පරීක්ෂණ කටයුතු සඳහා මේ වනවිට හම්බන්තොට මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් හා හම්බන්තොට පොලිසිය පරීක්ෂණ සිදුකරයි.
හම්බන්තොට දිස්ත්රිතක්කයේ වන අලින් ගැවසෙන ප්‍රදේශයන්හි සිදුකරනු ලබන මහා පරිමාන කැලෑ විනාශය හේතුවෙන් මේ වනවිට වන අලි ගම්වැදීම නිරන්තරයෙන් සිදු වේ. ගම්වදින වන අලින්ගෙන් ගොවීන්ගේ කුඹුරු ඇතුළු වගාවන්ට දැඩි හානි සිදු වන බවත් බොහෝ විට අලිවෙඩි ගසාවත් අලින් එළවීමට නොහැකි බවත් ගොවීන් පවසයි.
elephant 4
මේ නිසා මසක පමණ කාලයකදී වන අලි පහරදීමෙන් පුද්ගලයින් තිදෙනෙකුගේ ජිවිත අහිමි වී තවත් සිවුදෙනෙකු පමණ තුවාල ලබා තිබේ. එය කෙටිකලක් තුල මෙතෙක් වනඅලි ප්‍රහාර හේතුවෙන් හම්බන්තොට සිදුවූ වැඩිම ජීවිත හානි ප්‍රමාණය වේ. වනාන්තර හෙළි කරීම නතර නොකළහොත් මේ තත්වය මෙයට වඩා උග්‍ර  වන බවයි වනජීවී නිලධාරින් ප්‍රකාශ  කර සිටින්නේ.
මේ වසරේ  වන අලි පහර දීමෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් පුද්ගලයින් 04 මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 03 දෙනෙකු මාරාන්තික තුවාල ලබා තිබේ. එමෙන්ම වන අලින් 03 දෙනෙකු  මියගොස් තිබේ .
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ ආකාරයෙන් අලි මිනිස් ගැටුම උග්‍ර වී  ඇත්තේ වන අලින්ගේ වාසස්ථාන අහිමි වීම හේතුවෙනි. වනාන්තර හෙළි කරමින් සිදුකරන මහා පරිමාණ සංවර්ධන කටයුතු, පස් කැපීම්, මහා පරිමාන වගාකටයුතු සඳහා කැළෑ හෙළි කිරීම් හේතුවෙන් මේ වනවිට හම්බන්තොට ප්‍රදේශයේ වන අලින් ජීවත් වූ ප්‍රදේශ ඔවුන්ට අහිමි වී ඇති බව ජනතාව පෙන්වා දෙයි. දැනට දක්ෂිණ අධිවේගී මාර්ගය තැනීම සඳහා හෙළිකර ඇති වන ගහනයන්ද වන අලි බහුල ලෙස ජිවත්වන ප්‍රදේශ වේ.
මේ අතර විල්ගමුව නුගේවෙල ප්‍රදේශයේ ගොවියෙකුද ඊයේ රාත්‍රී වන අලි ප්‍රහාරයකින් මිය ගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ වයස වුරුදු 56 ක සයදරු පියෙකුවේ. ඊයේ (30) රාත්‍රී සීගිරිය නායන්වල කුඹුරක වෙඩිතබා වන අලියෙකු ඝාතනය කර ඇති බව ද වාර්තා වේ.
කෙසේ නමුත් මේ වසරේ ගෙවී ගිය මාස කීපය තුළ වන අලි 148 හා වන අලි පහර දීමෙන් පුද්ගලයින් 49 දෙනෙකු මියගොස් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ වසරේ වැඩිම අලි මරණ වාර්තා වන්නේ නැගෙනහිර පළාතෙනි. නැගෙනහිර පළාතේ පමණක් අලි  32 ක් මියගොස් ඇත. අනුරාධපුර ප්‍රදේශයේ සහ නැගෙනහිර පළාතේ පුද්ගලයන් 09 බැගින් වන අලි පහරදීම හේතුවෙන් මේ වසරේදී මියගොස් තිබේ.
සටහන සහ සේයා රූ – හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles