නිමල් ලාංසාගෙන් දිවයින මාධ්‍යවේදියා කප්පම් අරන් ?

0
460
අභ්‍යන්තර කටයුතු නියෝජ්‍ය ඇමති නිමල් ලංසාගේ නම ඇසූ සැණින් මතකයට නැඟෙන්නේ පසුගිය රාජපක්ෂ පාලන සමයේ මත්ද්‍රව්‍ය සොයා පොලීසිය ඔහුගේ නිවස වටලා සෝදිසි කිරීමත්, ඉන් පසු ඔහු සනසවන්නට මහින්ද රාජපක්ෂ ඔහුගේ නිවසට දිවීමත්ය. කෙසේ වෙතත් වත්මන් ‘යහපාලන’ රජයටද ගොඩ වී ඉන්නා ලංසා බොහෝ ව්‍යාපාරයන්ට සම්බන්ධ බව රට පුරා ප්‍රචලිතය. ඕස්ට්‍රෙලියාවට බෝට්ටු මඟින් මිනිසුන් ප්‍රවාහනය කෙරෙණා මිනිස් ජාවාරමද ඉන් එකකි.
මෙම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් පසුගිය කාලයේ ‘දිවයින’ පුවත්පතේ පිටු ගණනින් තොරතුරු ලියවිණි. දිවයින මාධ්‍යවේදියෙකු විසින් ලියූ ඒ බොහෝ තොරතුරු සත්‍යයද වූ අතර ඒවා නිමල් ලංසාට නම් මහා හිසරදයක් වන්නටද ඇත. මේ අතර එක්වරම ලංසාගේ මිනිස් ජාවාරම් ගැන ලියවුණු පුවත් හා එළිදරව් කිරීම් නිහඬ විය. ඕස්ට්‍රේලියාවක් තියෙනවාද කියා හෝ ලන්සා නමැත්තෙක් ඉන්නවා කියාද හෝ ඉන් පසු දිවයින ලියන්නාට වගක් තිබුණේ නැත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෑතකදී පැමිණිල්ලක් ලැබී ඇත්තේ ඉහත කී මාධ්‍යවේදියා, දිවයින පුවත්පත හරහා සිය හෙළිදරව් කිරීම් නතර කිරීමට නිමල් ලන්සාගෙන් කප්පම් ලබාගෙන ඇති බවටය. CID ය මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට උනන්දු වන දැන ගන්නට ලැබුණු සැණින් අපගේ කතාවට මූලික වූ මාධ්‍යවේදියා ලසන්ත වික්‍රමතුංග ඝාතනයට, උපාලි තෙන්නකෝන්ට පහර දීමට අදාල ඊනියා ‘රණවිරුවන්’ වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වමින් CIDයට පහර ගැසීමට පටන් ගෙන ඇත. මේ ගැන දන්නා මාධ්‍යවේදීන් කියන්නේ ඔහු මේ සැරසෙන්නේ ලන්සාට කළ දෙය CIDයට ද කර බලන්නට බවය.
මේ දිවයින මාධ්‍යවේදියා නම්, රටම දන්නා, දේශප්‍රේමී, දේශහිතෛශි සමන් ගමගේ ය. කීර්ති වර්ණකුලසූරිය ඇතුළු දිවයිනේ අනෙත් මාධ්‍යවේදීන් සමන් ගැන පවසන්නේ මතුගම සිට කොළඹට බස් එකෙ එන්නට මුදල් නොතිබුණු සමන් ගමගේ අද ලබා ඇති දියුණුව පුදුමාකාර බවය. එසේම සමන් ගමගේ සිටින්නේ පුවත් ලබාගැනීම සඳහා පොලිසිය සමඟ ගනුදෙනු කරන අනෙත් සියළුම මාධ්‍යවේදීන් ගැන කෝපයෙනි. ඒ, තමන්ගේ රහස් ‘රහස් පොලිසියට’ පැවසුවේ ඔවුන් බවට වන සැකය නිසාය.උපුටා ගැනීම -WWW.LANKANEWSWEB .NET

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here