Monday, December 23, 2024

නිරූපමා අපේ නොවේ. පැන්ඩෝරා තොප්පිය රාජපක්‍ෂවරුන්ට දාන්න එපා..!

නිරූපමා රාජපක්ෂ මහත්මිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයෙකු නොවන බවත් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

එනිසා පැන්ඩෝරා ගැටළුවේ තොප්පිය රාජපක්ෂවරුන්ට නොදමන්නැයි තමන් ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසීය.

පැනඩෝරා ප්‍රශ්නය රාජපක්ෂවරුන් පැත්තට හැරවීමේ උත්සාහයක් තිබෙන බවද පැවසූ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණ සිදුකිරීමට රජය පිරිසිදුව සූදානමින් සිටින බවද කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles