නිරෝධායනය අවසන් වූ වහාම මෙරට පළමු ඔමික්‍රෝන් කොරෝනා වෛරසය ආසාදිතයින්ට එරෙහිව නඩු පැවරීමට PHI සංගමය සූදානම් වෙයි

0
334

මෙරටින් හමු වූ ඔමික්‍රෝන් කොරෝනා වෛරසය ආසාදනය වූ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව සහ ඇයගේ ස්වාමිපුරුෂයා නිරෝධායන කාලය අවසන් වූ වහාම ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහජන ස්‍යෙඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

ඔහු පැවසුවේ මෙම ආසදිතයින්ගේ ආශ්‍රිතයන්ට නිරාවරණය වූ පාර්ශ්වයන් සම්බන්ධයෙන්ද මේ වන විට මහජන පරීක්ෂකවරුන් විමර්ශන කටයුතු ආරම්භ අකර ඇති බවයි.

පුත්තලම නියෝජ්‍ය ස්‍යෙඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පැවති වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් උපුල් රෝහණ මහතා ම එබැව පැවසීය.මෙම කාන්තාවගේ අනිකුත් ආශ්‍රිතයන් හය දෙනා පීසීආර් පරීක්ෂණ කටයුතු සඳහා යොමුකර ඇති අතර ඉදිරියේ දී ඒ වාර්තා ලැබීමට නියමිතය. මෙම කාන්තාව සහ ඔහුගේ ස්වාමිපුරුෂයා එන්නත් ලබාගෙන නොමැති බවත් ඔවුන්ගේ පවුල්වලට සම්බන්ධ ආශ්‍රිතයන් හය දෙනෙක් සිටින අතර ඒ අයත් එන්නත් ගෙන නොමැති බවයි උපුල් රෝහණ මහතා පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here