Thursday, January 23, 2025

නිරෝධායනය අස්සේ ජයටම කෙරෙන අමුතු සෙල්ලම (වීඩියෝ)

විදෙස් ගතව සිට පැමිණීමේදී සිදුකරන කොවිඩ් පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තෙක් නිරෝධායනය සඳහා රඳවා තැබෙන හෝටල් විසින් එම කාලසීමාව සඳහා සංචාරකයින්ගෙන් අධික ලෙස මුදල් ගසාකෑමේ ක්‍රියාදාමයක නිරතවන බවට සංචාරකයින් චෝදනා කරනවා.

සංචාරකයින්ට මෙලෙස හෝටල් නිරෝධායනයට යොමුවීමට සිදුව ඇත්තේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ රැපිඩ් පී සී ආර් පරීක්ෂණ පහසුකම්ද සම්පාදනය කර ඇති පසුබිමකයි.

​පවතින සිමාවන්ට යටත්ව දෙස් විදෙස් සංචාරකයින් 2000ක් පමණ දිනකට කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළින් මේ දිනවල මෙරටට පැමිණෙනවා.

එසේ පැමිණෙන ශ්‍රි ලාංකිකයින්වූවද පූර්ණ කොවිඩ් මර්දන එන්නත්කරණයට ලක්ව ඇතත් කොවිඩ් පරීක්ෂණයක් සිදු කර එහි ප්‍රතිඵල ලැබෙන තෙක් හෝටල් නිරෝධායනයට යොමු කිරීමටයි පියවර ගැණෙන්නේ.

කෙසේවෙතත් එලෙස නිරෝධායනයට යොමු කෙරෙන පිරිස් චෝදනා කරන්නේ කොවිඩ් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් රැඳී සිටින පැය 12කටත් නොවැඩි කාල සීමාව සඳහා අදාළ හෝටල් තමන්ගෙන් අධික මුදලක් ගසා කන බවයි.

මෙලෙස හෝටල් නිරෝධායනයේදී ගසා කෑමට ලක්වූ පිරිස්, ඒ පිළිබඳව තොරතුරු හිරු CIA වෙත ලබා දෙන ලෙස අප හිරු TV ප්‍රවෘත්ති විකාශයේදී කළ දැනුම්දීමට අනුව CIA කණ්ඩායමට ඇමතුම් ගලා ආවේ සිදුවූ අසාධාරණය හෙළි කිරීමට ඇති එකම හා හොඳම වේදිකාව හිරු ප්‍රවෘත්ති බව පවසමින්.

උපුටා ගැනීම.

“උදේ හතර වෙද්දී එයාපෝර්ට් එකට ආවා. පහමාර වෙනකන් ලැගේජ් එකේ හිටියා. උදේ හයට විතර අපිව බස් වලට දැම්මා. ඒ අතර අපේ ලැගේජ් වෙන ලොරියකට පැටෙව්වා. ඒ බස් පහට දාලා අපිව එක්කන් ආවා බේරුවලට. උදේ අට වගේ වෙද්දී එහෙට ගියාට අපිට බස් එකෙන් බහින්න වුනේ උදේ නමය හමාරට විතර. හොටෙල් එකේ සින්ගල් රූම් එකක් ඒගොල්ලෝ විකුණන්නේ 12,500කට.  ඩබල් එකක් 14000ක් හරි 15000ක් හරි කියලා කිව්වා.

ඒ හොටෙල් එකේ රූම් එක ඇතුලට ගියාම රූම් එක 3000ක් 4000ක් වටිනවා කියලා වත් කියන්න බෑ. කිසිම පැසිලිටි එකක් නෑ ඒ රූම් එකේ. අපිට බ්‍රෙක්ෆස්ට් එකක් ගන්න ලැබුනේ නැති නිසා 10ට වගේ මම කතා කරලා කිව්වහම කිව්වා අපිට ඉන්ෆෝම් කරලා නෑ කියලා බ්‍රෙක්ෆස්ට් එක ගැන. මම කිව්වා 12.30 වෙද්දී දවල් කෑම එක එවන්න කියලා.

දවල් කෑම එක ලැබුනෙත් දෙක විතර වෙලා. හවස 3ට තමයි PCR සාම්පල් ගන්න ආවේ. ඊට පස්සේ PCR එක කරන්න තවත් 7500ක් අපිට දෙන්න වෙනවා. පහුවෙනිදා උදේ 10ට විතර තමයි රිසාල්ට් එක ආවේ. මම හිතන්නේ නෑ සාධාරණයක් වෙනවා කියලා පිට රට ඉඳලා එන මිනිස්සුන්ට. ”

මෙලෙස කොවිඩ් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් හෝටල් නිරෝධායනයේ රැඳී සිටීමෙන් මෙලෙස අධික මුදල් ගසා කෑමකට ලක්වීමට සංචාරකයින්ට සිදුව ඇත්තේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ රැපිඩ් පී සී ආර් පරීක්ෂණ පහසුකම්ද සම්පාදනය කර ඇති පසුබිමකයි.

කටුනායක ගුවන් තොටුපොළෙන් කළ විමසීමකදී සඳහන් කළේ සෞඛ්‍ය අංශ නිර්දේශ ඉදිරිපත් කරන්නේ නම් විදෙස්ගතව සිට පැමිණෙන අය සඳහාද ගුවන් තොටුපොළ තුළදී රැපිඩ් PCR පරීක්ෂණ සිදුකිරීමට හැකියාවක් පවතින බවයි.

මේ සම්බන්ධයෙන් වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් පලකළ අදහස් පහතින්.

උපුටා ගැනීම.

ගුවන්තොටුපොළ ඇතුලේ තියෙනවා රසායනාගාර දෙකක්. මේ රසායනාගාර දෙකම ලංකාවේ තියෙන විශාලතම රසායනාගාර ඒ වගේම ඒ හැම රසායනාගාරයකින් ම අපිට පැය තුනකින් PCR වාර්තා ලබාදීමේ හැකියාව තිබෙනවා. එතකොට මේ PCR පරීක්ෂණ හැකියාව ලංකාවේ ඉතාම හොඳින් තිබියදී ලංකාවට එන ගුවන් මගීන් ගසාකන වැඩපිළිවෙලක් තමයි තියෙන්නේ.

ඔවුන්ව හෝටල් වල නවත්වලා. එක එක හෝටල් වල එක එක ගණන් අයකරමින් මේ අයව ගසා කෑමකට ලක්වනවා. සෞඛ්‍ය අමාත්‍යංශය මේ ගයිඩ් ලයින් හදන්නේ වෘත්තියේ අදාළ සියලු පාර්ශවයන් කැඳවීමක් සෞඛ්‍ය අමාත්‍යංශයේ සිදුවන්නේ නෑ. හැම ගයිඩ් ලයින් එකකම පරීක්ෂණ කරන ක්‍රියාවලිය නතර කරලා තියෙනවා.

ගුවන් තොටුපොල පරීක්ෂණය තියෙන්නේ වෙනම කාක්කෝ රංචුවක තැරව්කරණයක්. ඔවුන් මේ හැම එක්කෙනාම එක්කගෙන යනවා හෝටල් වලට. දින දෙක තුන තියනවා. පරීක්ෂණය එන්න පරක්කු වෙන්න පරක්කු වෙන්න ඔවුන් ගෙවන්න ඕන. ඔවුන් නිරෝධායනයේ දින දෙක තුන රඳවා ගන්න PCR පරීක්ෂණයේ නාමයෙන් කාටවත් අයිතියක් නෑ.

වීඩියෝව https://youtu.be/oR1wyafl4dQ

Lakrata.lk

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles