නිරෝධායන නීති කඩකර සාද පැවැත්වීමෙි වරද බ්‍රිතාන්‍ය අගමැති පිළිගනී

0
256

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අවස්ථා කිහිපයකදී ලන්ඩනයේ අංක 10 ඩවුනිං වීදියේ පිහිටි අගමැති නිල නිවසේ නිරෝධායන නීති කඩකරමින් සාද පැවැත්වීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සේවිකා සූසන්ග්‍රේගේ වාර්තාව පිළිගනිමින් ඊට සමාව ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සේවිකා සූසන්ග්‍රේගේ වාර්තාව ඊයේ දින ප්‍රකාශයට පත් කර තිබේ.

ඇයගේ වාර්තාවෙන්  අගමැති බොරිස් ජොන්සන් නායකත්වය ලබාදීමේ දී සහ නිවැරදි තීරණ ගැනීමේ දී අසමත් වීම ගැන  කථා කර ඇති අතර හුදෙකෙලා කිරීම් අතරතුර පැවති උත්සවාකාර රැස්වීම් පැවැත් වීමට හෝ පවත්වාගෙන යාමට ඉඩ ලබා නොදිය යුතුව තිබුණා යැයි එහි සඳහන් වේ.

මෙම වාර්තාව සම්බන්ධයෙන් පැය දෙකකට අධික කාලයක් අගමැති ජොන්සන් විසින් ප්‍රකාශයක් සිදු කෙරූ අතර සූගේ වාර්තාව පිළිගනිමින් පවසා සිටියේ ඉදිරියේදී අගමැති නිල නිවසට සහ කැබිනට් කාර්යාලයට වෙනස්කම් කිරීමට බලාපොරොත්තු වන බවයි .

එනමුත් තමන්ට විනිශ්චයක් ලබාදීමට පෙර පොලිසිය පරීක්ෂණ කටයුතු අවසන් කර සම්පුර්ණ වාර්තාව ඉදිරිපත් වනතෙක් සිටින ලෙස මන්ත්‍රීවරුන් ගෙන් ඉල්ලා සිටින ලදි .

පැවැත්වූ සාද සම්බන්ධයෙන්  මෙට්‍රොපොලිටන් පොලිසිය ඡයාරුප 300 සහ පිටු 500 ලියවිල්ලක් ඉදිරිපත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here