Sunday, October 20, 2024

නිරෝධායන නීති කැඩූ අයට වැඩ වරදී!

නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 138 දෙනෙකු ගත වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ , මේ දක්වා පුද්ගලයින් 53,942 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 50,000 කට නඩු පවරා ඇති අතර, තවත් 4000 කට නඩු පැවරීමට නියමිත බව ද ඔහු පැවසුවේ ය.

බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුළුවන ස්ථාන 14 කදී සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක ය.

පොදු ප්‍රවාහනය භාවිත කිරීමේදී නිරෝධායන නීති නිසි ලෙස අනුගමනය කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles