නිවසක ගින්නකින් 5ක් මියයයි

0
298

නුවරඑළිය, රාගලවත්ත මැද කොටසේ නිවසක ඇතිවු ගින්නකින් වැඩිහිටියන් තිදෙනෙක් සහ කුඩා දරුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසා සිටියේ, ඊයේ (07) රාත්‍රියේ ඇතිව තිබු එම ගින්නෙන් වයස අවුරුදු 60 පිරිමි පුද්ගලයෙක් හා වැඩිහිටි කාන්තාවන් දෙදෙනෙක් මියගොස් ඇති බවය.

එමෙන්ම වයස අවුරුදු 11ක හා අවුරුද්දක වයසැති පිරිමි දරුවන් දෙදෙනෙක් ද ගින්නෙන් පිළිස්සී මියගොස් තිබේ.

පොලිස් අපරාධ ස්ථාන නිලධාරීන් විසින් ගින්න ඇති වු ස්ථානය මේ වන විට පරීක්ෂා කර ඇති බවත්, අද දින වලපනේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඒ පිළිබඳ කරුණු වාර්තා කිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ගින්නට හේතුව සොයා වැඩිදුර විමර්ශන රාගල පොලීසිය විසින් පවත්වනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here