Saturday, January 18, 2025

නිව් ඩයමන්ඩ් නෞකාවේ මිලියන 3,480ක වන්දියෙන් ලැබී ඇත්තේ, මිලියන 51 ක් විතරයිලු – කෝප් කමිටුවෙිදී අනාවරණය වෙයි

මෙරට මුහුදු සීමාවේ දී ගිනි ගැනීමට ලක්ව විනාශයට පත්වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ මිලියන 3,480ක වන්දියෙන් ලැබී ඇත්තේ, මිලියන 51ක් පමණක් බව කෝප් කමිටුවේ දී (11) දින අණාවරණය විය.

එමෙන්ම වන්දි අයකර ගැනීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය නිසි අයුරින් කටයුතු කර නොමැති බවට එම අධිකාරිය කෝප් කමිටුවේ දැඩි දෝෂදර්ශනයක ලක්විය.

මෙරට කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා විමසා සිටියේ, 34 වැනි වගන්තිය යටතේ මිලියන 3,480ක තක්සේරු අගයෙන් ලැබුණු ප්‍රමාණය මිලියන 51ක් පමණි, ඒකට හේතුව මොකක් ද.?

එම ප්‍රශ්නයට පිළිතුරු දුන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය කියා සිටියේ, 

 “නිව් ඩයමන්ඩ් නෞකාවේ සිද්ධිය ගත්තම, තෙල් පැල්ලමක් තිබුණා යම් කිසි පරාසයක. නමුත් අපිට කිසිම සත්වයෙක් මැරිලාවත්, කොරල්පරයකටවත්, කඩොලාන පද්ධතියකටවත් කිසිම හානියක් වෙලා තිබුණේ නැහැ.

” එහිදී මහාචාර්ය චරිත හේරත් මහතා විමසා සිටියේ, “මෙච්චර ගාණක් තක්සේරු කළේ මොකටද ?” ඊට පිළිතුරු දුන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි (වැඩබලන) ජගත් ගුණසේකර මහතා, “මෙතනදී කාරණ දෙකක්, එකක් ඔය මිලියන 51ක කියන්නේ අපි නැවේ ගින්න නිවන්න හා තෙල් විසිරීමට ප්‍රතිචාර දක්වන්න ගියපු වියදම්.” “ඊට පස්සේ සිවිල් වගකීම යටතේ පරිසරයට වුණු හානිය යථාතත්වයට පත්කරන්න විශේෂඥ කමිටුවක් පත් කරලා තමයි මේ මිලියන තුන්දහස් ගාණක්.. මේවා කරලා තියෙන්නේ.

” එහිදී මහාචාර්ය චරිත හේරත් මහතා සඳහන් කළේ, “ඒක ලැබිලම නෑනේ දැනට, කවුරුහරි කිව්වොත් එහෙම ඔයගොල්ලන්ගේ ආයතනයේ කට්ටියත් එක්ක යම් ඩීල් එකක් දාලා මේ කොම්පැණිය පරිසර හානිය සතයක්වත් දෙන්නේ නැතිව අයින් වුණා කියලා. ඒකට තිබෙන උත්තරය මොකද්ද? “නීති නිලධාරී මෙතන නිෂ්ක්‍රීය ද?..ඔයා මේවට සම්බන්ධ වෙන්නේ නැද්ද ?” නීති නිලධාරිණිය – “නිව් ඩයමන්ඩ් සිද්ධියට අදාළව ඇත්තටම නීතිපති දෙපාර්තමේන්තුව සමඟ පැවැත් වූ කිසිදු සාකච්ඡාවකට සිවිල් හෝ අපරාධ වගකීම් යටතේ අවස්ථාව ලැබුණේ නැහැ මට.

” මහාචාර්ය චරිත හේරත් – “ඔබතුමියව ගත්තේ නැහැ, ඇයි ගත්තේ නැත්තේ ? ඊට පිළිතුරු දුන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළේ, “මම ඒක පැහැදිලි කිරීමක් කරන්නම්, ආයතනයේ වැඩවලදී මෙතුමියගේ මැදිහත්වීම ඉතාමත් මදියි සහ අවශ්‍ය දේකට සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණය මත අපිට දෙවැනි නිලධාරියා තමයි ඉදිරියට ගෙනියන්න වුණේ.

කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේ, “නිව් ඩයමන්ඩ් එකේ ගනුදෙනු සියල්ලම නීති අංශයෙන් වහලා කරා කියලා කියන එකම ප්‍රශ්නයක්. ඊළඟට එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඔයගොල්ල දීපු වන්දිය තිබෙන්නේ ඩොලර් මිලියන 37ක් හැබැයි ඒගොල්ලෝ එකඟවෙලා තිබෙන්නේ ඩොලර් මිලියන 2.9ක්, ඒ රක්ෂණ සමාගම වෙනුවෙන් සාකච්ඡා කරන්න කවුද එන්නේ” “කාටහරි තර්කයක් ගේන්න පුළුවන් මේ ගොල්ලොත් එක්ක එකඟවෙලා මේකේ ගාන අඩු කරනවා කියලා, අඩුවෙලත් තියෙනවා ගාන.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles