Sunday, September 22, 2024

නිවෙස් නිරෝධායනය – බස්නාහිර පළාත

බස්නාහිර පළාතේ COVID-19 වැළඳී නිවසේ රැඳී සිටින ඔබට වෛද්‍ය 1390 සේවාව හරහා උපදෙස් ලබා ගැනීමට ඔබගේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) / මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) දුරකථනයෙන් අමතා හෝ SMS පණිවිඩයක් හරහා හෝ සම්බන්ධ වීම මගින් ඔබගේ දුරකථන අංකය ලියාපදිංචි කරගෙන අවශ්‍ය සේවාවන් ලබාගත හැක.

නිවසේ සිට ප්‍රතිකාර සඳහා අවශ්‍ය සුදුසුකම්
වයස අවුරුදු 2 – 65 අතර වීම.
නිදන්ගත රෝග නොමැති නිරෝගී පුද්ගලයෙක් වීම.
ගැබිණි මවක් නම් සති 24 ට වඩා ගැබ් කාලය අඩු වීම.
නිවසේ අන් අයගෙන් වෙන්ව සිටීමට පහසුකම් තිබීම.
සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්වීම.

ඔබට ලැබෙන සේවාවන්
වෛද්‍යවරයකු විසින් ඔබගේ රෝග ඉතිහාසය ලබාගෙන දිනපතා ඔබට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාදීම. හදිසි තත්වයක දී අවශ්‍ය උපදෙස් ලබා දීම සහ රෝහලකට යොමු කිරීම

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles