නිහඬව බලා සිටිනවා – රවී කළකිරිලා

0
368

එක්සත් ජාතික පක්ෂය තුන නැවතත් අභ්‍යන්තර ගැටුම් හට ගෙන ඇතැයි පැවසේ. මෙහිදී වාර්තා වන්නේ රනිල් වජිර රුවන් ඇතුළු කණ්ඩායමක් පක්ෂයේ ආධිපත්‍ය පිහිටුවා ගනිමින් කටයුතු කරන බැවින් ඊට විරෝධතාවය පක්ෂය තුල එක්ක වී ඇති බවයි.

මෙම ආරංචි මාර්ග වලට අනුව පැවසෙන්නේ රවී කරුණානායක නවීන් දිසානායක අර්ජුන රණතුංග ඇතුළු පිරිස පක්ෂයෙන් වෙන් වීමට යන බවය. මින් ඉහතදීද මොවුන් වෙනත් පක්ෂයකින් සංධාන ගත බවට විවිධ මාධ්‍ය වාර්තා පළ විය. මේවන විට පැවසෙන්නේ එජාපයේ ආසන බල මණ්ඩල සාමාජිකයින් පවා මේවන විට දෙකඩ වී ඇති බවය.

කෙසේවෙතත් මේ පිළිබඳව අප කළ විමසීමට පිළිතුරු දෙමින් රවී කරුණානායක මහතාගෙන පැවසුවේ නිහඬව බලා සිටින බවය. එජාපය දෙකඩ කරගෙන යාමේ අවශ්‍යතාවයක් ඔවුන්ට නැති බවද කතා කල දෙයින් ඒත්තු ගැන්විනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here