නීතිපතිට දෙසතියක් කල් දෙයි

0
508

ටපු රගර් කී‍්‍රඩක වසීම් තාජුඩීන්ගේ මෘත ශරීරයේ කොටස් අස්ථානගත වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමෙන් පොලිස්පති  ඇතුළු බලධාරීන් වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ හිටපු ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී, මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උප කුලපති වන වෛද්‍ය ආනන්ද සමරසේකර ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් දෙසතියක් ඇතුළත සිය මූලික විරෝධතා ගොනු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිට අද (23) නියෝග කළේය.

අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ නලින් පෙරේරා යන මහත්වරුන්ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය මෙම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවට මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළාය.

පෙත්සම ඔක්තෝබර් 24 වැනි දා සලකා බැලීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here