Friday, September 27, 2024

නීතිපති උපදෙස් ලැබෙනතෙක් නඩු රැසක් ප්‍රමාද වීම ගැන පාර්ලිමේන්තුවෙිදී අවධානය

නීතිපති උපදෙස් මත ශ්‍රී ලංකාවේ නඩු කටයුතු රැසක් ප්‍රමාද වීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ විශේෂ අවධානය යොමු වුණා.

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගෙන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කල ප්‍රශ්ණයකදී මන්ත්‍රීවරයා අවධාරණය කලේ මෙම කාරණය හේතුවෙන් අද වනවිට ලමා අපචාර නඩු ඇතුළු නඩුගොනු රැසක් අවුරුදු ගණනක් ප්‍රමාද වෙමින් පවතින බවයි.

ඊට පිළිතුරු ලබාදෙමින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා කියා සිටියේ මෙම නඩු ප්‍රමාදය අවම කර ගැනීම සදහා මේ වනවිටත් රජය විසින් ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles