Friday, January 24, 2025

නීතිපති දෙපාර්තමේන්තුවට නව ගොඩනැගිල්ලක්

නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු සදහා ඉදි කළ නව ගොඩනැගිල්ල නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාගේ ආරාධනයෙන් අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසුරිය මැතිතුමාගේ සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරුවේ විවෘත විය.

මහල් 12 කින් යුතුව ඉදි කර ඇති නව ගොඩනැගිල්ල සදහා රුපියල් බිලියන 12 ක මුදලක් වැය කර ඇති අතර 2016 වර්ෂයේදී ඒ සදහා මුල්ගල් තැබීම සිදු කර ඇත.

සර්ව ආගමික වතාවත් සිදුකර ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව නව ගොඩනැගිලි සංකීර්ණය තුළ කිරි ඉතිරිවීම සිදු විය.

බෞද්ධ ආගමික වතාවත් සිදු කිරීම තිරිකුණාමලේ ආනන්ද මහනායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන සංඝරත්නය විසින් සිදු කළ අතර ෂර්ලි මුතුකුඩ ආරච්චි පියතුමා විසින් කිතුනු ආගමික වතාවත් සිදු කරන ලදී.

රාජා මොහාන් කුරුක්කල්තුමා විසින් හින්දු ආගමික වතාවත් සිදු කළ අතර ෂේක් උෂාමා නුර්මත් මවුලවිතුමන් විසින් ඉස්ලාම් ආගමික වතාවත් සිදු කරමින් ආශිර්වාද සිදු කළේය.

නීතිපති දෙපාර්තමේන්තුවේ නව ගොඩනැගිල්ල තුළට අභිනවයෙන් වැඩම කළ බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසා බුද්ධ පුජා පැවැත්වීම ද අති පුජ්‍ය ත්‍රිකුණාමලේ ආනන්ද මහනායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන සංඝරත්නයේ මුලිකත්වයෙන්සිදු විය.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් නීතිඥවරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක් විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles