Thursday, January 23, 2025

නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවුණහොත් ජාත්‍යන්තර අධිකරණයකට යෑමට සුදානම් අගරදගුරු ( වීඩියෝ )

පාස්කු ප්‍රහාරයට වගකිව පාර්ශවයන්ට එරෙහිව මෙරට නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවුණහොත් තමා ජාත්‍යන්තර අධිකරණයකට යෑමට සුදානම් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති.

අද (11) අගරදගුරු මැඳුරේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියාසිටියේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලු නමුත් මේ වෙනතෙක් එය නොලැබුණ බව ද උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මේ පිළිබඳ අදහස් දැක්වු කාදිනල් හිමි,

“යම් යම් දේවල්වල සත්‍යතාවය අපි සොයාගත යුතුමයි. ඒ නිසා අපිට මේක බලාගෙන ඉන්න බෑ. හැකි ඉක්මනින් අපිට ඒකෙ පිටපතක් ලැබෙන්න සලස්වන්න. අන්න එතකොට අපිට ඒ ප්‍රශ්නයට විසඳුම් සොයාගන්න පුළුවන්. පාස්කු ප්‍රහාර කොමිසමට මාත් සාක්ෂි දුන්නා. ඒ වෙලාවෙදීත් මම කොමිසමෙන් ඉල්ලීමක් කරා. ප්‍රහාරය වළක්වන්නට කටයුතු නොකරපු අය ගැන විතරක් නෙමෙයි මේ ප්‍රහාරය පිටුපස ඉන්නේ කවුද කියලා හොයන්න කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා කොමිසම ඒ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාරයක් දක්වයි කියලා.“

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles