Wednesday, January 8, 2025

නීති උල්ලංඝණය කරමින් ආනයනය කල වාහන 800ක් නිදහස් කෙරේ

නීති රීති උල්ලංඝණය කරමින් ආනයනය කර දැනට දෙපාර්තමේන්තුව භාරයේ ඇති සියලුම වාහන නිදහස් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

රේගු අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී වී රවිප්‍රිය මහතා පැවසුවේ, ඊට අදාළ අයවැය යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා වාහන මුදා හැරීමට මේ මස පියවර ගන්නා බවයි.

නීති රීති උල්ලංඝණය කරමින් ආනයනය කර ඇති වාහන දඩ සහ බදුවලට යටත්ව නිදහස් කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේජර් ජනරාල් (විශ්‍රාමික) G. V. රවිප්‍රිය මහතා පැවසුවේ, දැනට රේගු දෙපාර්තමේන්තුව භාරයේ පවතින එවැනි වාහන 262කට ආසන්න ප්‍රමාණයක් මේ මස අවසන් වන විට අවශ්‍ය දඩ මුදල් සහ බදු අයකර ගැනීමෙන් පසු නිදහස් කරන බවයි.

නීති රීති උල්ලංඝණය කරමින් ආනයනය කර ඇති වාහන 800ම දඩ සහ බදු මුදල් ලබාගෙන නිදහස් කරන බව සඳහන් කළ ඔහු ඇතැම් අවස්ථාවලදී නීතිපති උපදෙස් අවශ්‍ය බවද කියා සිටියේය.

2022 අයවැයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් රුපියල් බිලියන 4 ක අමතර ආදායමක් උපයා ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගු භාරයේ ඇති වාහන නිදහස් කිරීමට යෝජනා කර තිබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles